Header Ads

ad728
  • Breaking News

    සිංහල උපසිරැසි නිර්මාණය තනියම කරගමු.(Without Software)


    හාලෝ.කට්ටිය කොහොමද?ඔන්න මං ඔයාලට දීපු පොරොන්දුව ඉෂ්ට කලා.අද මං ආවේ සිංහල උපසිරැසි හදන විදිහ අරගෙන.ඔබට සතුටුයිද දැන්!ඔයාලාට මතකනේ මං කලිනුත් ඔයාලට ඒකට අවශ්ශ උපකරණ ටික ගෙනත් දුන්නා.ඒ ටික දැන් ලග ඇති කියලා හිතනවා.නැති උනත් ඉතින් මං මොනවා කරන්නද?ඕන වෙලාවට ඉතිං මං මෙතනින් Link එකක් වත් දෙන්නම්කෝ.මුලින්ම මේක ගැන කියනවා නම් අද අපි උපසිරැසි සිංහලින් හදන්නනේ යන්නේ.ඇත්තටම කියන්න ඕනේ මේක අමාරුයි.මොකද අපට 60%-70% වත් ඉංග්රීසි දැනුම අවශ්ශ වෙනවා.මේ උපසිරැසි අපි හදන්නේ අතින්නේ.ඒක නිසා අමාරුයි.තවත් ලේසි උපක්රම තියෙනවා.මුලින්ම අපි මේ විදිහට කරලා ඉමු.එතකොට ඔයාලාට තේරෙනවා කොහොමද මේවා හැදෙන්නේ කියලා.උපසිරැසි හදන්න Software හදලා තියෙනවා .ලංකාවෙ හිටපු අයියා කෙනෙක් හදලා තියෙනවා Sinhala Sub Machine කියලා Software එකක්.ඒකෙනුත් පුලුවන් මහන්සියක් නොවීම උපසිරැසි නිර්මාණය කරගන්න.හැබැයි ඉස්සර වෙලා අපි මේක ඉගෙනගෙන ඉමු..මෙන්න මෙහෙමයි මේක මුලින්ම පටන්ගන්නේ,


    ඔයාලට මතක ඇති මං ඔයාලාට දුන්නා Subtitles(උපසිරැසි)ගන්න Web Sites 3ක්.මතකද?අමතකයි වගේ නම් මෙතනින් ගිහින් පෝස්ට් එක කියවන්න.

    ඔතනින් ගිහින් මං දීලා තියෙන Site 3න් කැමති එකකට යන්න. Tvsubtitles.net Site එකට නම් මම පෞද්ගලිකව කැමතියි.දැන් ඔයාලා ගිය සයිට් එකෙන් English වලින් තියෙන උපසිරැසි 1ක් Download කරගන්න.මම නම් Movie වැඩිය බලන්නේ නෑ.TV SERIES…. (TV SERIES යනු,ඔය බං TV එකේ පෙන්නන්නේ English කතා.මේවා එක දවසෙන් ඉවරවෙන්නේ නෑ.මාසගානක් ඇදලා ඇදලා තමා ඉවරවෙන්නේ.සාමාන්යෙන්නම් දවසකට පැයක් වගෙ තමයි බලන්න පුලුවන්.SESSION 1, .SESSION 2, .SESSION 3,….කියලා බෙදලත් තියෙනවා.”Cee Café”- Dialog Tv Channel 90 එකේ එහෙම නම් යන්නේම ඕවා තමයි.දැන් දන්නවනේ මොනවද කියලා)….වගේ තමයි මම බලන්නේ.මොකද පැය ගානක් දවසෙදි ගතකරනවට වඩා TV SERIES බලන්නේ පැයක් වගේ තියෙන්නේ හින්දා තමයි මං TV SERIES බලන්නේ.මං මේ වැඩේට යොදාගන්නේත් “The Vampire Diaries “එකේ Session 2 එකේ Episode 1(2වන කොටසේ 1වෙනි කතාව.)මං ලග දැන් “The Vampire Diaries “එකේ Session 2 එකේ 1වෙනි කතාවත් කතාවට හරියන ඉංග්රීසි උපසිරැසිත් මං ලග තියෙයි.ඔයාලටත් හිතෙනවා නම් මං කරන එකම හොදයි කියලා ඔයාලට මේ TV SERIES එක Download කරගන්න පුලුවන්.හැබැයි ඔය කිසිම TV SERIES එකක් Download කරගන්න බෑ ඔයාලා ලග Torrent නැත්තම්,,,ඒකනිසා මුලින්ම ඔයාලා Torrent Download කරගන්න පල්ලේන් යන්න.
    1. Torrent Download කරගන්න මෙතනින් යන්න.-->


    දැන් ඔයාලා Torrent එක Download කරලා ඉවරයි නම් දැන් Install කරගන්න. Install කරගත්තට පස්සේ මෙහෙම ආවද බලන්න!එහෙනම් ගොඩනේ!
    ඊට පස්සේ දැන් TV SERIES එකේ Torrent File එක Download කරගන්න පල්ලෙන් යන්න.
    2. Torrent File එක Download කරගන්න මෙතනින් යන්න.-->


    මේකේ Subtitles එකත් ඕනනේ.ඒක ගන්න පල්ලෙන් යන්න.
    3. Subtitles ගන්න මෙතනින් යන්න.-->


    (සැලකිය යුතුයි-ඔයාලා ඔය උඩ තියන 3 කරන්න ඕනේ මං කරන TV SERIES එකට උපසිරැසි හදනවනම් විතරයි.ඔයාලා ලග TV SERIES 1 හෝ Movie 1 හා එහි ඉංග්රීසි මාධ්යයෙන් උපසිරැසි තියෙනවා නම් උඩ තියෙන පියවර 3 සිදු කිරීමට අවශ්ශතාවක් නැහැ.අනිවාර්යියෙන්ම ඔයාලා ලග TV SERIES 1 හෝ Movie 1 හා එහි ඉංග්රීසි මාධ්යයෙන් උපසිරැසික් තිබිය යුතුමයි.)
    *****බුදු අම්මෝ මෙච්චර නම් මං ටයිප් කරලා නෑ Blog එකට දාන්න කවදාවත්!*****
    උපසිරැසි හදන්න ඔයාලාට ඕන කරන දේවල් 80% විතර ඉවරයි.ඔයාලා 3 වන Step එකේදි English Subtitles ගත්තානේ.මේ වගේ Winrar File එකක් විදිහට ඒක Download File එකේ කිරි ටොයියා වගේ ඇති.


    4. දැන් ඒක Open කරගෙන විහිදුවාගන්න(Extract කරගන්න).නැත්තම් Winrar File එක ඇතුලේ තියන නෝමල් File එක කැමති තැනකට ඇදලා දාන්න.
    ******ඊට පස්සේ මෙහෙමනේ පේන්නේ!දැන් නම් වැඩ ටික කරන්න ඉතාම ආසන්නයි******


    දැන් ඔතන තියෙන පලවෙනි එක කියන්නේ “The Vampire Diaries - 2x01 - The Return.720p.WEB-DL.LP.en”කියලා නම තියන Srt File එක Note Pad එක භාවිතකරලා Open කරගන්නකෝ.

    නැත්තම් Note Pad එක Open කරලා The Vampire Diaries - 2x01 - The Return.720p.WEB-DL.LP.en කියන එක Note Pad එකට ඇදලා දාන්නකෝ.


    5. සහෝදරයාදැන් ඔයාලට මේ උඩ ෆොටෝ එක විදිහට පේන්න ඇතිනේ.දැන් පුතේ තියෙන්නේ ටයිප් කොරන්න තමයි.දැන් මුලින්ම එකට නමක් දාලා ටයිප් කරගන්නකෝ මචෝ

    ඔන්න මචෝ මම නම් භාගයක් ටයිප් කරලා ඉවරයි.මට නම් දැන් වස කම්මැලී.මම නම් දැන් මේක Save කරගන්නවා.Fill ගියා Save දුන්නා.
    මොකක්ද බං මේ ආවේ.,Ok කරන්නත් තියෙයි Cancel කරන්නත් තියෙයි.මෙන්න වැන්දා පුතේ OK නම් කරන්න එපා.(\/ Ok කරන්න හරි, Cancel මොකුත් Window එකක් ආවේ නැත්තම් ඔය පල්ලෙ ජේදය කියවන්න එපා\/.)

    \\\\\\\\ඇයි කියලත් කියන්න ඕනේ!නැත්තම් මුං කරන්නේ එපා කියනදේනේ!!!ඔතන පොඩි කේස් එකක් තියෙන්නේ.ඔහොම හැමෝගෙම එන එකක් නෑ.මගෙ එකේ නම් ආවා ඒකයි කිව්වේ.නැත්තම් මට ඕක ගැන නොකියා යන්න තිබ්බා.මෙච්චර දුරට ඇවිත් කෙල උනොත් උබලා පව්නේ.ඕකේ පොඩි Unicode කේස් එකක් තියෙන්නේ.අපි බැරිවෙලාවක්වත් ඕක OK එක දුන්නනම් අපි සිංහලෙන් ටයිප් කරපු ටික සේරම _”????????????????????????????????????????????”_ මේ විදිහට පෙන්නයි.සෙරම වතුරෙ ගියා වගේ තමයි.ඒක නිසා ඒක Cancel කරන්න ඕනේ.එතකොට ඔය පල්ලේ ෆොටෝ එක වගේ පෙනෙයි..///////

    \\\\\\\අපි ඒක ටිකක් වෙනස් කරගන්න ඕනේ.File name: The Vampire Diaries – 2x01 –Sinhala.srt විදිහටත් Encoding කියන එකට Unicode කියන එකත් දීලා ඔයාලට මත තැනක Save කරගන්න ඕනේ. File name එක අන්තිමට Sinhala කියන කොටසෙන් පස්සේ .srt ලෙස යෙදීම අනිවාර් වේ.පල්ලේ Pic එකේ විදිහට…/////\\\\\\

    ///////////
    අපෙ අම්මා දැන්නම් වැඩේ ඉවරයි.ඔයාලා අර උපසිරැසිය සිංහලෙන් ටයිප් කරලා ඉවරයි නම් දැන් ඔයාලට ඔයාලගේ අතින්ම හදපු උපසිරැසිය බලන්න පුලුවනි.ඒත් ඔයාලා තාම හදලා ඉවර නැත්තම් අර බාගෙට හදාගෙන තියෙන උපසිරැසිය උඩ Right එක Click කරලා Notepad එකෙන් Open කරලා ඉතිරි ටිකත් ටයිප් කරලා Save කරලා ඉන්න!
    මෙහෙමයි මුලින්ම අර Torrent වලින් ඩව්න්ලෝඩ් කරගත්ත TV SERIES එක KMP(KM Player)එක හරහා හෝ K-Lite_Codec Player එක හරහා ධාවනය කරවන්න(Play කරපන්).ඔය Player දෙකෙන් එකක්වත් නැත්තම් පල්ලෙන් ගන්න.
    KM Player එක මෙතනින් ගන්න à


    දැන් කොල්ලෝ තියෙන්නේ උපසිරැසි දාන්න තමයි.අර අපි හදාගත්ත සිංහල උපසිරැසි ටික දැන් ඔය ධාවනය වෙමින් තියෙන (Play වෙමින් තියෙන ) TV SERIES එක උඩට ඇදලා දාන්න.නැත්තම් උපසිරැසිය උඩට ඩබල් Click කරන්න.


    අම්මහ්කොහොමද?කොල්ලගේ නමත් එක්ක Play වෙද්දි!මරු නේද?මේ සිරාවටම කියනවා නම් දැන් මට මහන්සියි.ගොඩක් වෙලා ටයිප් කලානේ.මං මේ වැඩ කරන්නේ නිකං.සල්ලි බලාපොරොත්තුවෙන් නෙවෙයි. නිසා මේ Post එකට Comment එකක්වත් නොදා යන්න තරම් කැත හිත තියාගන්න එපා.අනිත් අයටත් පේන්න Share කරලා මට උදව් කරන්නඅදනම් තෙල් ගාන්න වෙයි වගේ…….!!!!
    සිංහල උපසිරැසි නිර්මාණය 2 ලගදීම…..!


    8 comments:

    1. දිග වැඩී බං.PDF එකක් වත් නැද්ද ලෝකයෝ?

      ReplyDelete
      Replies
      1. කොල්ලා කියනවා නම් හදලා දෙන්නම් ඉතින්.Comment එකට ස්තූතියි.

        Delete
      2. කවදද දෙන්නේ?මේ මේක හරියනවද ලෝකයෝ සිරාවටම?

        Delete
      3. අපි ඉතින් කෙලවෙන ජාති දෙන්නේ නෑ බ්‍රෝ!හරියනවා හරියනවා!ලෝකයා ශුවර් කරන් හිටප්න්.මං අදම Pdf එක දෙන්නම්කෝ!

        Delete
      4. මම මෙහෙමම ඉන්නද?දැන්ම මට දෙනවාද?සිං ගාලා දියන්!පරක්කු වෙනවා.

        Delete
    2. මෙන්න කොල්ලෝ Pdf එක.ඔබට සතුටුයිද දැන්?
      https://www.mediafire.com/?4bgthmy4lht9qiw

      ReplyDelete
      Replies
      1. තැන්කූ බ්ලෝකයෝ.පින් සිද්ද වෙයි කොලුවට.

        Delete
      2. එල එල.පින තිබ්බොත් ඇති සහෝදරයා !

        Delete

    Post Top Ad

    ad728

    Post Bottom Ad

    ad728