Kali Linux(Hacking සදහා යොදාගන්නා මෙහෙයුම් පද්ධතියකි)
අද මං ඔයාලාට ගෙනාවේ Operating System-(OS) එකක්.සරල සිංහලෙන්ම කිව්වොත් ඒ කියන්නේ පරිගණක මෙහෙයුම් පද්ධතියක්.මෙහෙයුම් පද්ධතියක් කියලා කිව්වහම අපට මතක් වෙන්නේ Windows ,මොකද කියනවනම් ලංකාව ඇතුල විතරක් ගත්තහම භාගෙකටත් ගොඩක් වඩා පාවිච්චි කරන්නේ Windows කියන OS එකයි.ඒ වගේම අපි ගොඩක්ම දන්නෙත් Windowsනේ.ඒ උනාට අද මම ගෙනාවේ වෙනස් ජාතියේ OS එකක්.මම අද ගෙනාවේ kali-linux කියන OS එක.ම්ම්…මොකද්ද මේ කාලි ලිනක්ස් කියන්නේ.?සමහර කට්ටිය නම් මේ OS එක ගැන දන්නවා!එයාලා මේකෙන් වැඩත් ගන්නවා ඇති.අපි නොදන්නවෑ.රස කරන්න ඕනේ නෑ.මම මේක ගැන කියන්නම්.මේ OS එක භාවිතා කරන්නේ Hack වැඩ වලට,ඇත්තම කියනවා හැක් කරනවා කියන එක නරක පැත්තකුත් තියෙයි ,හොද පැත්තකුත් තියෙයි. මම විශ්වාස කරන්න උත්සහ කරනවා මේක ඔයාලා හොද පැත්තකට යොදාගනී කියලා.මොකද හොද දෙයක් කරද්දි දෙවියන්ගේ ආශිර්වාදයත් තියෙනවා,නරක දෙයක් කරද්දි ඒකෙ අනිත් පැත්තත් තියෙනවා.මුලින්ම මම කියන්නම් මේ OS එක ගැන.Read More
kali-linux කියන os එක Black සහ Light කියලා 2ක් තියෙනවා.ඒත් මම දෙන්නේ Light කියන එක ,මොකද ඒක ලස්සනයි.මේක ඔයාලට මුලින්ම කියන්න ඕනේ.මේක ගත්ත පලියට ඔයාලට හැක් කරන්න පුලුවන් කියලා හිතන්න එපා.එහෙනම් මම මෙතන මුලු ලෝකෙන්ම වැඩ්ඩෙක් වෙලානේ.මටත් තාම ඔය ටොපික් එක ගැන තේරෙන්නේ නෑ.මමත් දෙයක් දැන ගත්තහම කියන්නම්.මේක Download කළාම ඔයාට එන්නේ kali-linux-light-2016.1-amd64 කියලා Torrent File එකක්.ඔයාලා ඒක Bit-Torrent පාවිච්චි කරලා ISO එක Download කරගන්නකෝ ඉතින්.මමත් ඉතින් Download කරගත්තේ.ඔයාලටත් පුලුවන්නේ.
මේක ඔයාලට ඔයාලට Download කරන්න තියෙන්නේ Torrent වලින් කියලා මම කිව්වේ,ඔයාලා ලග Bit-Torrent නැත්තම් මෙතනින් යන්න.
අපි Torrent භාවිතා කරන හේතුවත් කියවලා බලන්න. දැන් ඉතින් පල්ලෙන් Download කරගන්න.Torrent File එක 80.0 Kb.




No comments