Header Ads

ad728
  • Breaking News

    දුර ඇති පරිගණකයක් පාලනය කරමු.(Team Viewer)

                    

                      සහෝදර සික්ක සික්කාවරුනි,කොහොමද ඉතින් කොහොමද ඔයාලට.දවස් දෙකකින් විතරනේ මම ආවේ.ඉතින් මම අද පොඩි සොෆ්ට්වෙයා එකක් ගෙනාවානේ.අද මම තව එකක් මොකක් හරි එකක් වගේ එකක් දෙන්නම්කෝ.පොඩී තමයි.හැබැයි ගොඩක් වටිනවා.මුලින්ම අද ගෙනාපු එක ගැන කියන්නම්කෝ.සෙල්ලම්ද කොල්ලෝ.

                                  ඔයාලට දුර තියෙන Computer එකක් පාලනය කරන්න කිව්වොත්.ඔයා මොකද කරන්නේ.?ගගට පනිනවද?නෑ දැන් දුරක තියෙන Computer එකක් උනත් අපට Internet තියෙයි නම් පාලනය කරන්න පුලුවන්නේ.කොහොමද මරු නේද?මම නම් මේක දැනගත්තේ ලසිත අවිශ්ක කියලා කොල්ලෙක්ගෙන් ස්කෝලෙ 9,10 කාලේ වගේ.එතකොට පරිගනක බ්ලොග් එකක් තිබ්බේ නෑනේ.ඒක හින්දා කියන්න විදිහක් තිබුනෙත් නෑනේ.අව්ලක් නෑ දැන් මතක් උන වෙලාවෙ ගෙනාවා ..දැන් අපි බලමුකෝ වැඩ කිඩ.

                                                මුලින්ම කියන්න ඕනෙ එක Computer එකක විතරක් Team Viewer තිබ්බට මේ වැඩේ කරන්න බෑ.අපි බලමු මෙහෙම.උදාහරණයක් විදිහට සහනයි ,මාවයි ගමු.මට සහනගේ Computer එකට Connect වෙන්න ඕනෙ නම් මම එයාගේ විස්තර ටික ඉල්ලගන්න ඕනේ.විස්තර කියන්නේ නමයි, ගමයි, වයස එක්ක පීන්තූරෙ විස්තරේ නෙවෙයි.මෙහෙමයි කරන්නේ!එයාට Team Viewer එකට යන්න කියනවා.එයාගෙ විස්තර Online එයාට බලාගන්න පුලුවන්.ඒවා තමයි ,Your ID සහ Password කියන දේවල්.ඕකෙන් තමයි සේරම වෙන්නේ.මරේ මරු නේද?මුලින්ම එයාගෙ Team Viewer ID එක ඉල්ලගන්න.ඊටපස්සේ Partner ID කියන එකේ ගහන්න.ඔහොම කියලා දෙන්න ඕනේ නෑ.මං දන්නවා ලෝකෙ කාලා වතුර බීපු එව්න් කියලා උබලා.Partner ID එකෙන් පස්සෙ මොකුත් ඉල්ලනවද කියලා මතක නෑ.කොහොමහරි අන්තිමට Partnerගේ ඩෙස්ක්ටොප් එක ඔයාගේ ඩෙස්ක්ටොප් එකේ පෙනෙයි.පාට්නර් කාරයට Dongle එක එහෙම ගලවන්න එපා කියලම තියපන්.ඔයතුමා ගලවන්නත් එපා ඈ.Partner ID එකෙන් පස්සේ Partnerට බලන් ඉන්න තමයි තියෙන්නේ.ඔබ තුමාට උගේ Computer එකේ ඕන දෙයක් කරන්න පුලුවන්.පට්ට නේද?පට්ට වගේ නම් Download කරගන්න.වැඩ අනා ගන්න එපා ඈ.තේරුනේ නැති පොට් එකක් තිබ්බොත් Comment පාරක් දාලා අහගන්න ලැජ්ජ නොවී.ඉන්න ගමන් Comment,Share බටන් එබුවා කියලා අත් වලට මොකුත් වෙන්නෙත් නෑමෙයා.
    කියන්න බැරි උනා මේකෙන් කෝල් ගන්නත් පුලුවන්.Voice කෝලුත් පුලුවන් Video කෝලුත් පුලුවන්නේ.


    No comments

    Post Top Ad

    ad728

    Post Bottom Ad

    ad728